කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් සිය දියණිය ඝාතනය කර තිබේ. යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති අතර, මියගිය කාන්තාව 35 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පියා සහ දියණිය අතර කලක සිට ඉඩම් සම්බන්ධයෙන් පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම දරුණු අපරාධය සිදුව ඇති බවයි. ඝාතනය සිදුකළ 63 හැවිරිදි සැකකාර පියා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මියගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.














