නොච්චියාගම – ඔයාමඩුව මාර්ගයේ පිහිටි රක්ෂිත ප්‍රදේශයක මාර්ග අද්දර තිබී හඳුනාගත නොහැකි අන්දමින් පිළිස්සුණු කාන්තා මෘත ශරීරයක් සොයාගෙන තිබේ. මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෘත ශරීරය දණහිස දක්වා බරපතල ලෙස පිළිස්සී ඇති බවයි. මියගිය කාන්තාවගේ දකුණු අතේ මැදගිල්ලේ මුදුවක් පැළඳ සිටිනු දක්නට ලැබෙන අතර, එම කරුණ ඔස්සේ මියගිය අය හඳුනා ගැනීමට පොලිසිය උත්සාහ කරයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සූදානම් කර ඇති මෘත ශරීරය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේම තැන්පත් කර ඇත. නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.













