කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ 04 දිනයේදී කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වූ අතර, ආයෝජකයින්ට යම් අස්වැසිල්ලක් ලබාදෙමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 22,695ක් ලෙස සටහන් වූ අතර, S&P SL20 දර්ශකය ද ඒකක 37.08කින් ඉහළ යමින් ඒකක 6,244.64ක් ලෙස වාර්තා විය.
අද දිනයේදී රුපියල් බිලියන 4.80ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර, එම පිරිවැටුමට වැඩිම දායකත්වයක් ලබාදුන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එම සමාගමේ රුපියල් බිලියන 2.38ක ගනුදෙනුවක් සිදු වූ අතර, එහිදී විදේශීය පාර්ශවයක් විකුණුම්කරු ලෙසත් දේශීය පාර්ශවයක් ගැනුම්කරු ලෙසත් කටයුතු කර තිබේ. දර්ශකයේ වර්ධනය සඳහා NDB, ඩයලොග් ආසියාටා, මෙල්ස්ටාකෝප්, කළම්බු ඩොක්යාඩ් සහ හරිස්චන්ද්‍ර මිල්ස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබාදුන් අතර, දිනය තුළ සමාගම් 149ක කොටස් මිල ගණන් ඉහළ යාම ආයෝජකයින් අතර සුබවාදී තත්ත්වයක් ඇති කිරීමට හේතු විය.














