පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයෙකු කන්තලේ පොලිස් වසමේ සෝමපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 මැයි 04 වන දින අලුයම සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් සැකකරු කන්තලේ ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු 2026 මැයි 04 වන දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2026 මැයි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














