බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මට්ටක්කුලිය පොලිස් වසමේ වමිත්පුර ප්‍රදේශයේදී පෙරේදා (2026.05.04) මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77ක් සහ හෙරොයින් ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 508,100ක මුදලක් ද වැටලීමේදී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.















