පසුගිය පැය 24ක කාලය තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 6ක පමණ දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ. අප්‍රේල් මස මුලදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මෙය ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම අස්ථාවර තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79කින් හෙවත් සියයට 6.3කින් ඉහළ ගොස් ඩොලර් 114.96ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ සමඟම අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ද ඩොලර් 4.23කින් හෙවත් සියයට 4.2කින් ඉහළ ගොස් ඩොලර් 106.17ක් ලෙස සටහන්ව තිබේ.














