ශ්‍රී ශාක්‍යසිංහාභිමානී පදනමේ පස්වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද “ශ්‍රී ශාක්‍යසිංහාභිමානී ගෞරව සම්මාන උළෙල” පසුගියදා (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින් ආගමික හා සමාජීය වශයෙන් සුවිශේෂී සේවාවක් ඉටු කරන ලද පුද්ගලයන් ඇගයීම මෙහි මූලික අරමුණ විය.
මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ අතර, ශ්‍රී ශාක්‍යසිංහ පදනමේ නිර්මාතෘ කුෂිත කුමාර අධිකාරි මහතා විසින් ඒ මහතා වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී. මහාචාර්ය ප්‍රීති කුලතුංග, හිටපු අමාත්‍ය සරත් වීරසේකර සහ ජාත්‍යන්තර සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ද සොයිසා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














