රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොළ මහතාට සිය කාර්යාලයේදී පහරදීමට තැත් කිරීමේ සිද්ධියකට එරෙහිව ඊයේ (04) රත්නපුර අධිකරණය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් පැවැත්විණි. හිටපු නගරාධිපතිවරයෙකු සහ වත්මන් නාගරික මන්ත්‍රීවරයෙකු වන නිලන්ත නිරෝෂන් යන අය විසින් මෙම පහරදීමට තැත් කර ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවය සඳහා ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක් සහභාගී වී සිටියහ. අදාළ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපති නිලන්ත නිරෝෂන් මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.














