කච්චතිව් දූපත පමණක් නොව මුළු යාපනයම තමිල්නාඩුවට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. එවැනි පියවරක් මගින් තමිල්නාඩු ජනතාව තමන්ව ආරක්ෂා කර ගනු ඇතැයි ඔහු මෙහිදී විශ්වාසය පළ කළේය.
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත්වූ විජේ මහතා වෙත පීඩිත දෙමළ ජනතාව වෙනුවෙන් සුබ පැතුම් පිරිනමමින් මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා තිබේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ විජේ මහතා කච්චතිව් දූපත ඉල්ලා සිටින විට ජනාධිපතිවරයා එය ලබා දිය නොහැකි බව පැවසුවද, තමන් පවසන්නේ කච්චතිව් සමඟ යාපනය ද ලබා දිය යුතු බවයි. තමිල්නාඩු ජනතාව විසින් දෙමළ ජනතාව ආරක්ෂා කර ගනු ඇති බව ඔහු සිය කතාවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.














