දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විශ්වසනීය ජල සැපයුම් සේවා වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම්වල දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ බස්නාහිර පළාතේ ආදායම් නොලබන ජල ප්‍රතිශතය අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දීමට නියමිතය.
ක්‍රියාත්මක කිරීමට නියමිත උප ව්‍යාපෘති
අඹතලේ ජල පිරිපහදු පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
ජුබිලි ජලසම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
කොලොන්නාව ආදායම් නොලබන ජල කළමනාකරණ ව්‍යාපෘතිය
ඝනමීටර 20,000ක ධාරිතාවක් සහිත ලුණුගම්වෙහෙර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය
යාපනය අපජල ව්‍යාපෘතිය
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.














