2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතළ අනතුරකට ලක්කළ ජීප් රියේ රියැදුරු ලෙස කටයුතු කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය විය.
ඒ, පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු සිය සාක්ෂිය ලබාදුන් අවස්ථාවේදීය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ අද යළි විභාගයට ගැණුනි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය හෙට (06) දින දක්වා කල් තැබීය.














