පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සලින්දු නමැත්තාගේ සමීපතමයෙකුට අයත් බව කියන, රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් දේපළ හා වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
ඩුබායිහි රැඳී සිටින අසිත නමැති සැකකරු සලින්දු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලින්දු නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු වන අතර එම ජාලය හරහා මෙම දේපළ උපයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගත් වත්කම් අතරට පානදුර, මඩොපිටිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින රුපියල් මිලියන 25කට අධික වටිනා දෙමහල් නිවසක්, පානදුර ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 7ක පමණ වටිනා නිවසක් සහ ඉඩමක් මෙන්ම අලුබෝමුල්ල බටහිර ප්‍රදේශයෙන් රුපියල් මිලියන 10කට ආසන්න වටිනා පර්චස් 10.7ක ඉඩම් කොටසක් අයත් වේ.
මීට අමතරව, පසුගිය මාර්තු 13 වන දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් මත මඩොපිටිය නිවසක සිදුකළ වැටලීමකදී රත්‍රන් පවුම් 13ක් සහ රුපියල් මිලියන 1කට ආසන්න මුදලක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ මැඩලීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත මෙම අමතර වත්කම් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














