තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දිවයිනෙන් පිටව ගොස් තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත පැවති මෙම සංචාරය, 2023 වසරේදී මාලදිවයින් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එතුමා මෙරට සිදුකළ පළමු නිල සංචාරයයි.
මෙම සංචාරය අතරතුරදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. ඒ හරහා දෙරටේ සබඳතා වර්ධනය කරමින් වැදගත් අවබෝධතා ගිවිසුම් හතකටද අත්සන් තබා ඇත.
මෙම සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා නව මානයකට ගෙන යාමට මෙන්ම ඉදිරි ආර්ථික සහ සංස්කෘතික කටයුතු තවදුරටත් පුළුල් කර ගැනීමට හැකිවනු ඇත.
















