කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයෙකු ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) උදෑසන කාලයේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු තම නිවසේ ඉදිරි ආරක්ෂක වැට පිළිසකර කිරීම සඳහා යොදාගත් ග්‍රයින්ඩරයට ගෙල කැපී එම ස්ථානයේම මියගොස් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














