තවත් ඩීසල් නෞකා දෙකක් අද (06) සහ හෙට (07) දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි. ඒ අනුව අද දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 39,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන අතර, හෙට දිනයේද එවැනිම ඩීසල් තොගයක් සහිත නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතය.
ජුනි මස අවසානය දක්වා ජාතික අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට පෙර තහවුරු කර තිබිණි.














