විගණන සේවා කොමිෂන් සභාව සඳහා පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙකු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දී තිබේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ ප්‍රතිපාදන අනුව විගණනයට අදාළ තොරතුරු රහසිගතව තබා ගන්නා බවට ඔවුහු මෙහිදී ප්‍රතිඥා දුන්හ.
දිවුරුම් දෙනු ලැබූ නව සාමාජිකයන් පහත පරිදි වේ:
හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා.
හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන් මහතා.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා.
රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන රත්න දේශප්‍රිය මහතා.
මෙම අවස්ථාවට විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිනී සහ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ද සහභාගී වූවාය. මීට අමතරව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














