පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) සවස සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ පොලිස් වසමේ ඔලියාමුල්ල හන්දිය අසලදී මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 67.5ක් (බෝතල් 90ක්) පොලිස් භාරයට ගෙන ඇති අතර එම මත්පැන් ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රීරෝද රථයද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 සහ 30 යන වයස්වල පසුවන මාකෙවිට සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














