දිවයින පුරා පිහිටි පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම තත්ත්වය පාසල් පරිපාලන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට බලපා ඇති අතර, එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා රජයේ අවධානය යොමු වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා සුදුසුකම් සපිරූ පුද්ගලයින් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි.
විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය මීට පෙර තාක්ෂණික කරුණු කිහිපයක් මත කල් දැමීමට සිදු වූ නමුත්, ඒ පිළිබඳව පැන නැගී ඇති ගැටළු විසඳා එම විභාගය කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටී.














