වාර්ෂිකව පිළිකා රෝගීන්ගේ වර්ධනයක් හඳුනාගෙන ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව ඇති වන පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙන බව වාර්තා වේ. පිළිකා රෝගය කලින් හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා ඇති බව ද මෙහිදී අවධාරණය කෙරුණි.














