මැයි 01 වනදා කෑගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් කොළඹ – නුවර (A1) ප්‍රධාන මාර්ගය නගර මධ්‍යයෙන් වසා දැමීම නිසා මහජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කෑගල්ල මහ නගර සභාවේ නගරාධිපති නිමල් කරුණාරත්න මහතා සිය කණගාටුව ප්‍රකාශ කළේය.
මෙම රැස්වීමේදී අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරුන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු රජයක් කිසිදු හේතුවක් මත කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වසා දමා මෙලෙස රැස්වීම් පවත්වා නොමැති බවයි. නගර මධ්‍යයෙන් මාර්ගය වසා දැමීම කෑගල්ලේ ජනතාවට මෙන්ම එම මාර්ගය භාවිතා කරන අනෙකුත් මඟීන්ට ද විශාල අපහසුතාවක් වූ බවත්, මෙය නරක පූර්වාදර්ශයක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. මෙම චෝදනා හමුවේ ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු විරෝධය පළ නොකළ අතර, අනතුරුව නගරාධිපතිවරයා සභාව අමතමින් අදාළ මාර්ගය වසා දැමීමෙන් යම් අපහසුතාවක් වූයේ නම් ඒ පිළිබඳව කණගාටු වන බව ප්‍රකාශ කළේය.














