මෙවර මැයි දිනය වෙනුවෙන් ආණ්ඩුව හෝ අදාළ පක්ෂය විසින් පවත්වන ලද රැලි සඳහා පමණක් රුපියල් කෝටි 350 කට අධික මුදලක් වියදම් කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා චෝදනා කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
චාම් සහ සරල යැයි පවසන මෙම රැලි සඳහා මෙවැනි දැවැන්ත මුදල් කන්දරාවක් වැය කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම මෙම රැලිවලදී ද සුපුරුදු පරිදි දැකගත හැකි වූයේ ආණ්ඩුවේ පුරාජේරුව සහ කයිරුව පමණක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














