ගෘහස්ථ ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ලෝක වෙළඳපොළේ ගෑස් මිල සංශෝධනය වීම සහ පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල ඉහළ දැමීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2500.00ක් දක්වා සංශෝධනය වේ. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 6245.00ක් ලෙස සටහන් වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට නියමිතය.














