ශ්‍රී ලංකාවට නායකත්වය දීමට හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට පමණක් බව හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය. මෙරට ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට “අභය දානය” ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත්, එම දැක්ම සහිත නායකත්වයකට පමණක් මාතෘභූමිය නිවැරදි මාවතකට ගෙන යා හැකි බවත් ඔහු අවධාරණය කළේය.
පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ, අර්බුදකාරී අවස්ථාවලදී රට බේරාගත් ඉතිහාසයක් තම පක්ෂයට ඇති බවයි. එබැවින් වත්මන් දේශපාලන අභියෝග හමුවේ වුවද, රටේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගන්නා දේශපාලන බලවේගයට පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














