අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ඊයේ (06) නිකුත් කරන ලද නව ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගික වාර්තාවක් මගින් යුරෝපය දැඩි විවේචනයට ලක් කර තිබේ. එම වාර්තාව මගින් යුරෝපය හැඳින්වීමට “ත්‍රස්තවාදය සඳහා වූ බිහිදොරක්” (Incubator for terrorism) යන යෙදුම භාවිත කර ඇත.
මහජන සංක්‍රමණ හේතුවෙන් යුරෝපය තුළ ත්‍රස්තවාදය වර්ධනය වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ධවල මන්දිරය පවසයි. මීට මාස කිහිපයකට පෙර ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කළේ සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් යුරෝපය “ශිෂ්ටාචාරමය අතුගා දැමීමකට” (Civilisational erasure) මුහුණ දී ඇති බවයි.
මීට අමතරව, නව ප්‍රතිපත්තිය හරහා අමෙරිකාව තුළ ක්‍රියාත්මක වන “ප්‍රචණ්ඩකාරී වාමාංශික අන්තවාදීන්” සහ “අන්තවාදී ට්‍රාන්ස්ජෙන්ඩර් හිතවාදී” කණ්ඩායම් මර්දනය කිරීමට ද අවධානය යොමු කර ඇත. එමෙන්ම, ඇමරිකානු කලාපයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් (Drug cartels) ද ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම්වල ප්‍රමුඛ ඉලක්කයක් බවට පත් කර තිබේ. තම සමීපතම මිත්‍ර රටවල් රාශියක් පවතින යුරෝපය මෙලෙස සෘජු විවේචනයට ලක් කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල යම් නොසන්සුන්කාරී බවක් ඇති විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.














