පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින් සිදුකරන තොරතුරු සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 (හෝ +94115226126, +0115226126) භාවිත කරමින් විවිධ පාර්ශ්වයන් විසින් මහජනතාව අමතා පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට වාර්තා වී ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිදු විටෙක ඉහත අංකය හරහා හෝ WhatsApp පණිවිඩ මගින් මහජනතාව වෙත ඇමතුම් ලබා නොදෙන බව අවධාරණය කෙරේ. එබැවින් එවැනි ඇමතුම් සඳහා ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත්, එමගින් සිදුවිය හැකි මූල්‍ය හෝ පෞද්ගලික හානි වළක්වා ගන්නා ලෙසත් කොමසාරිස් ජනරාල් (වැ.බ.) මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. මෙම නිවේදනය 2026.04.07 දිනැතිව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.














