බටහිර අප්‍රිකාවේ සිය හිටපු යටත් විජිතවල බලය ගිලිහී යාමත් සමඟ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අප්‍රිකානු මහාද්වීපය සමඟ සබඳතා යළි ගොඩනැගීමේ නව ප්‍රයත්නයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ලබන සතියේදී කෙන්යාවේ නයිරෝබි අගනුවරදී “Africa Forward” සමුළුව පැවැත්වීමට නියමිත අතර, මෙය ප්‍රංශය විසින් ඉංග්‍රීසි කතා කරන අප්‍රිකානු රටක පවත්වනු ලබන පළමු සමුළුව වීම විශේෂත්වයකි.
සිය ධූර කාලයේ අවසන් වසරට එළැඹ සිටින මැක්‍රොන් මහතා, බලශක්ති සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල නව ආයෝජන අවස්ථා හරහා අප්‍රිකාව සමඟ “අලුත් වූ හවුල්කාරිත්වයක්” ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරයි. මෑත කාලයේ බටහිර අප්‍රිකානු කලාපය තුළ ප්‍රංශයට එල්ල වූ දැඩි විරෝධය සහ බලපෑම අඩුවීම හමුවේ, නැගෙනහිර අප්‍රිකානු රටවල් සමඟ ආර්ථික සහ දේශපාලනික සබඳතා ශක්තිමත් කර ගැනීම ප්‍රංශයේ මූලික අභිප්‍රාය වී තිබේ.














