දිවයිනේ උඩරට සහ පහතරට එළවළු මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙකු සඳහන් කරන පරිදි, මෙම මාසය තුළ වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.
බෝංචි කිලෝවක්: රුපියල් 500
කැරට් කිලෝවක්: රුපියල් 450
මාළු මිරිස් කිලෝවක්: රුපියල් 400
ලීක්ස් කිලෝවක්: රුපියල් 300
ගෝවා කිලෝවක්: රුපියල් 200
සැපයුම සීමා වීම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම සිල්ලර වෙළෙඳුන් ද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසයි.














