තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ අමාත්‍යවරයා ලෙස ප්‍රකට නළු තලපති විජේ හෙට (09) පෙරවරු 11:00 ට දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙය ඉන්දීය දේශපාලනයේ මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ද සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇත.
දින තුනක් ඇතුළත තෙවැනි වරටත් අද තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකාර් හමුවූ විජේ, සිය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා නිල වශයෙන් හිමිකම් පෑවේය. මීට පෙර පැවැති අවස්ථාවන්හිදී ඔහුට අවශ්‍ය බහුතරය නොමැති බව පවසමින් ආණ්ඩුකාරවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණද, මෙවර මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ලිඛිත සහය සහිතව සිය බහුතරය තහවුරු කිරීමට විජේ සමත්ව තිබේ. ඒ අනුව ආණ්ඩුකාරවරයා විසින් නව රජය පිහිටුවීම සඳහා ඔහුට ආරාධනා කර ඇති බව වාර්තා වේ.














