පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10ක මුදලක් රජය මෙතෙක් ගෙවා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, එම මුදලට අමතරව මාසිකව තවත් රුපියල් බිලියන 2.5ක් බැගින් හිඟ මුදලට එකතු වන බවයි.
රජය මේ වන විට ඉන්ධන සහ තාප බලාගාර මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති බවට ද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළේය. තාප බලාගාර මඟින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 100කට අධික පිරිවැයක් දැරීමට සිදුවුවත්, රජය එම පද්ධති නඩත්තු කිරීමට මුදල් වෙන් කරමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය හිතාමතාම විනාශ කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














