ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සිය රජයේ විදේශ සහ දේශීය ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. තම රජයේ මූලික ප්‍රතිපත්තිය වන්නේ සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ ඉවසීම බව ඔහු එහිදී අවධාරණය කර ඇත.
යටත්විජිතවාදය සහ ඕනෑම ආකාරයක මර්දනයක් තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට තම රජය කැපවී සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන ද එල්ල වී ඇත. විශේෂයෙන්ම මෑත කාලීන විරෝධතාවලදී විරෝධතාකරුවන්ට එරෙහිව එල්ල වූ මර්දනයන් පෙන්වා දෙන විචාරකයන්, ජනාධිපතිවරයා පවසන “මිත්‍රත්වය සහ ඉවසීම” ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ. ඉරානය තුළ පවතින දැඩි පාලනය හමුවේ මෙවැනි ප්‍රකාශයන්ගේ සැබෑ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ද යොමු වී ඇත.














