දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වන වෛරස් උණ තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ වහාම ක්‍රියාත්මක වී තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
මෙම රෝගී තත්ත්වය වේගයෙන් පැතිරීමේ අවදානමක් මේ දක්වා වාර්තා වී නොමැති බැවින්, ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ. සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රදේශයේ වසංගත විද්‍යාත්මක තත්ත්වය පිළිබඳව දිගින් දිගටම විමසිල්ලෙන් පසුවේ.














