චීනයේ මෝජෑන් (Mojiang) නුවර පැවති 20 වැනි ලෝක විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට (World Largest Twins Festival – 2026) සහභාගී වූ ශ්‍රී ලංකික නිවුන් කණ්ඩායම ජාත්‍යන්තර ගෞරවය දිනාගනිමින් දිවයිනට පැමිණ තිබේ. රටවල් 47 ක තරුණ නිවුන් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගාවලියේදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය එම උළෙලේ “හොඳම නර්තනාංගය” ලෙස තේරී පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.
ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව පැවති මෙම උළෙලේදී ලොව පුරා විවිධ සංස්කෘතීන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ දක්ෂතා අතරින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහ නර්තන කලා කුසලතාව ඉහළින්ම අගය කිරීමට ලක්ව ඇත. ජාත්‍යන්තර තලයේදී මෙරටට අභිමානයක් එක් කළ මෙම නිවුන් කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.














