තමිල්නාඩු දේශපාලනයට පිවිසි සුපිරි නළු විජේ (Thalapathy Vijay) ප්‍රාන්ත මහ ඇමතිවරයා ලෙස අද (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බවට පැතිර ගිය ආරංචි තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. නිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවැනි දිවුරුම් දීමේ උත්සවයක් සඳහා විජේ වෙත මෙතෙක් කිසිදු ආරාධනයක් සිදු කර නොමැති බවයි.
තමිල්නාඩු වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය හරහා දේශපාලනයට පිවිසි විජේ, ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් කටයුතු කළද, වර්තමාන දේශපාලන ව්‍යුහය තුළ ඔහුට මහ ඇමති ධුරය ලබාගැනීම සඳහා තවත් දීර්ඝ ගමනක් යාමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙම පුවතත් සමඟ විජේගේ පාක්ෂිකයන් අතර යම් නොසන්සුන්කාරී බවක් හටගෙන ඇති අතර, මෙය ඔහුගේ දේශපාලන ගමනට එල්ල වූ පසුබෑමක් ලෙස ඇතැමුන් හඳුන්වයි.














