අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉදදූව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. ඊයේ (08) දහවල් කාලයේදී සිදු වූ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.
















