බස්නාහිර පළාත් දකුණ දිශා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන පොලිස් වසමේ මාදිවෙල ප්‍රදේශයේදී ඊයේ (08) උදෑසන මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 58ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 34ක් ඇතුළත් වේ. අත්අඩංගුවට ගත් සැකකරු මාම්පේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් සහ බෙදාහැරීමේ ජාලය අනාවරණය කර ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණ දිශා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.















