රතුගල ආදිවාසී ජනාවාසයේ නව නායකත්වය සඳහා හිටපු නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා පත් කර තිබේ. රතුගල ආදිවාසී නායකයා ලෙස කටයුතු කළ සුදාවන්නිල ඇත්තන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා, ආදිවාසී සම්ප්‍රදායානුකූලව සහ පවුලේ උරුමය අනුව මෙම නව පත්කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.
නව නායකයා පත් කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර ආදිවාසී ප්‍රජාවේ වැඩිහිටියන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ඉතා ගෞරවාන්විතව සිදු කෙරිණි. රතුගල ආදිවාසී උරුමයන්, සංස්කෘතිය සහ අනන්‍යතාවය ඉදිරි පරපුර උදෙසා ආරක්ෂා කර ගැනීමත්, තම ප්‍රජාව මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට නායකත්වය ලබා දීමත් නව නායකයාගේ ප්‍රධාන වගකීමක් වනු ඇත. දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු අනෙකුත් ආදිවාසී නායකයින්ගේ ද ආශිර්වාදය මැද මෙම නව නායකත්වය ඉදිරියේදී තම ප්‍රජාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතය.














