හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් වත්මන් රජය කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කරන්නේ නම් එය රජය විසින් සිදුකරගන්නා බරපතළම වරදක් වන බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියි. මහින්ද රාජපක්ෂ මහතා යනු මෙරට දේශපාලනයේ සුවිශේෂී සලකුණක් බවත් ඔහුට එරෙහිව කිසියම් ආකාරයක අනිසි බලපෑමක් හෝ අත තැබීමක් සිදුකිරීමට ආණ්ඩුව සැළසුම් කරන්නේ නම් එහි ප්‍රතිඵලය රජයට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. රජය ගමන් කරන මෙම දේශපාලන මාවතේදී මෙවැනි තීරණ හරහා විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බවත් එබැවින් ආණ්ඩුව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවත් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.














