පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කලා වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු දෙකක් හදිසියේ විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් පියවර ගෙන තිබේ. වැවෙහි ජල ධාරිතාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, මේ හේතුවෙන් කලා ඔය දෙපස සහ පහත් බිම්වල වසන ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු බව බලධාරීන් අවධාරණය කරයි. විශේෂයෙන්ම ගංගා ඉවුරු ආශ්‍රිතව වෙසෙන පිරිස් ජල මට්ටම ඉහළ යාම පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර, ඉදිරි කාලගුණ තත්ත්වය අනුව අවශ්‍ය වුවහොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














