විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් බලධාරීන් ඉදිරිපත් කරන තාක්ෂණික හේතු හුදු නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් බව වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි. විදුලිය උත්පාදනය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන තෙල් භාවිත කිරීම සහ බාල මට්ටමේ ගල් අඟුරු ගෙන්වීම නිසා පිරිවැය ඉහළ ගොස් ඇති බවට පවසන කතා සැබෑ ගැටලුව වසා ගැනීමට කරන උත්සාහයක් බව ඔහු පෙන්වා දෙයි. මෙලෙස ගැලවිජ්ජාවන් පවසමින් ජනතාව නොමඟ යැවීමෙන් පලක් නොවන බවත්, විදුලි ක්ෂේත්‍රයේ පවතින සැබෑ අර්බුදය සහ කළමනාකරණ දුර්වලතා පිළිබඳව ඇත්ත කතාව රටට හෙළි කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි. පවතින ආර්ථික පීඩනය හමුවේ ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.














