කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද දින (2026.05.10) අලුයම සිදු කළ මෙම මෙහෙයුමේදී ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 778ක ප්‍රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.














