දේශීය අර්තාපල් ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේදී මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා රජය මැදිහත් වී අස්වැන්න මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් අද (10) සිට ක්‍රියාත්මක කරයි. මේ යටතේ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි සමුපකාර මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී කිලෝග්‍රෑමයක් රුපියල් 220 බැගින් වූ සහතික මිලකට අර්තාපල් මිලදී ගැනීම සිදු කෙරේ.
වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ එක් ගොවියෙකුගෙන් උපරිමය කිලෝ 1,000 ක් දක්වා වූ අස්වනු ප්‍රමාණයක් මිලදී ගන්නා බවයි. මෙලෙස මිලදී ගන්නා දේශීය අර්තාපල් තොග සතොස ජාලය හරහා සහනදායී මිලකට පාරිභෝගිකයා වෙත සමීප කිරීමට ද රජය සැලසුම් කර තිබේ.














