2029 වර්ෂයේදී නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති. ජන හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාස හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් රජය ගන්නා තීන්දු මගින් රාජපක්ෂවරුන් අධෛර්යමත් කළ නොහැකි බවයි.
මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වන පීඩනයන් හමුවේ තම කණ්ඩායම නිහඬ නොවන බවත්, තව වසරක් ගතවීමට පෙර නාමල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ සැලසුම් ක්‍රියාවට නංවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ. ජනතාව අතර පවතින ආකර්ෂණය සහ නිසි දේශපාලන ක්‍රමෝපායන් හරහා ඉදිරි ජනාධිපතිවරණයේදී මෙම ජයග්‍රහණය තහවුරු කරන බව සද්ධාතිස්ස හිමියන් මෙහිදී ප්‍රකාශ කළහ.














