ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැගින් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම නව පියවර හරහා මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පවතින සෞඛ්‍ය ආයතන අතර සම්බන්ධීකරණ දුර්වලතා මඟහරවා ගැනීමටත්, සම්පත් කාර්යක්ෂමව ප්‍රමුඛතා අනුව යෙදවීමටත් අපේක්ෂිතය. මීට පෙර ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීමේදී පැවති ප්‍රායෝගික දුෂ්කරතා මඟහරවා ගනිමින්, රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් ගුණාත්මකව ජනතාව වෙත සමීප කරවීම රජයේ මූලික ඉලක්කය වී ඇත.













