දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය වන ‘City of Dreams Sri Lanka’ හි ප්‍රධාන හෝටලය වන Nüwa, ජාත්‍යන්තර තරු 5 ශ්‍රේණිගත කිරීමකින් පිදුම් ලබා ඇත. කොළඹ නගරය ගෝලීය සුඛෝපභෝගී සංචාරක සිතියමේ ඉහළින්ම සටහන් කරමින් ලැබුණු මෙම සහතිකය, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
කාමර සහ සුඛෝපභෝගී නිවාස 113 කින් සමන්විත Nüwa හෝටලය, ඉන්දියානු සාගරයට මුහුණලා අතිනවීන පහසුකම් රැසක් අමුත්තන්ට පිරිනමයි. හෝටල් පරිශ්‍රයේ පැවැති උත්සවයට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්වරුන් ද එක්ව සිටියහ. ලෝක මට්ටමේ ආගන්තුක සත්කාරයක් සමඟ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට රැගෙන යාම මෙහි මූලික අරමුණයි.














