පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හිමියන් සඳහා ආධාර බෙදා දීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ විස්සක ප්‍රතිපාදන ජනතාව වෙත පිරිනැමූ අතර, ආබාධිත පුද්ගලයන්ගේ ජීවනෝපාය මාර්ග නංවාලීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය උපකරණ ලබාදීම ද මෙහිදී සිදු විය.
මීට අමතරව බමුණාකොටුව, පහළ කොළමුන්න ග්‍රාමසේවා වසම හරහා හමාගිය ටර්නඩෝ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී හානියට පත් වූවන්ට කඩිනමින් පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගන්නා බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.














