ජාතික ජන බලවේගය තුළ වංචා හෝ දූෂණයට කිසිදු ඉඩක් නොමැති බවත්, තම පක්ෂයේ කිසිවෙකුත් දූෂණයේ යෙදී නොමැති සේම ඉදිරියට ද එවැනි දේ සිදු නොවන බවත් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කරයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඕනෑම අයෙකුට පක්ෂයට එරෙහිව චෝදනා එල්ල කළ හැකි වුවද, පක්ෂය තුළ පවතින්නේ විනිවිදභාවයෙන් යුතු පිරිසිදු දේශපාලන සංස්කෘතියක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














