පසුගිය මැයි 8 වන දිනට යෙදී තිබූ ලෝක තැලසීමියා දිනයට සමගාමීව සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ පාගමනක් සහ වැඩමුළුවක් ගම්පහ ප්‍රදේශයේදී පැවැත්වුණා. කැලණිය ග්ලෝබල් සිංහ සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තැලසීමියා පාගමන කැලණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වී මාකොල නගරය දක්වා ගමන් කළ අතර ඉන් අනතුරුව දැනුවත් කිරීමේ වැඩමුළුව පවත්වනු ලැබුවා. දෙස් විදෙස් වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ ආරාධිත දේශනය අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් පවත්වන ලදී. ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ජානමය රෝගයක් වන තැලසීමියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ එය අවම කරගැනීම සඳහා ගත යුතු පියවර හඳුන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.














