චීන රජයේ ආධාර මත රුපියල් ලක්ෂ 35ක් වටිනා නවීන රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් (Dialysis Machine) බදුල්ල ශික්ෂණ රෝහල වෙත ප්‍රදානය කිරීම අද (11) සිදු විය. ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය සිදු කෙරුණු අතර, හොංකොංහි “Glorious Sun” පදනම සහ පූජ්‍ය මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ඇතිව ඌව පළාත් සභාවේ සම්බන්ධීකරණයෙන් මෙම වෛද්‍ය උපකරණය රෝහල වෙත හිමි විය.
බදුල්ල ඇතුළු ඌව පළාතේ වකුගඩු රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීම මෙම ප්‍රදානයේ මූලික අරමුණ වේ. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, බදුල්ල රෝහල් අධ්‍යක්ෂකවරිය ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම නව යන්ත්‍රය රෝහල් පද්ධතියට එක්වීමත් සමඟ දෛනිකව රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පොරොත්තු ලේඛන අවම කර ගැනීමට හැකි වනු ඇතැයි රෝහල් බලධාරීන් විශ්වාසය පළ කරති.













