2026 ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (12) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වීමට නියමිතයි. ආසියානු කලාපයේ ප්‍රබල රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත ප්‍රබල සංචිතයක් සහභාගී වේ.
ජාත්‍යන්තර අත්දැකීම් බහුල ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම මෙවර තරගාවලියේදී පදක්කම් කිහිපයක් දිනා ගැනීමට අපේක්ෂා කරන අතර, විශේෂයෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම සංචිතයට ඇතුළත් කර තිබේ. හෙට සිට දින කිහිපයක් පුරා පැවැත්වෙන මෙම ශූරතාවලිය ඉන්දියාවේදී පැවැත්වීම හේතුවෙන් කලාපීය වශයෙන් දැඩි උනන්දුවක් ද මේ වන විට නිර්මාණය වී ඇත.















