වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි 12 හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික හිංසනයක් සිදුකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එහි විහාරාධිකාරී හිමිනම වැලිගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ දරුවා ක්‍රීඩා කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස දිනක විහාරස්ථානයට ගිය අවස්ථාවේදී එහි මුළුතැන්ගෙය තුළදී මෙම හිංසනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව 57 හැවිරිදි සැකකාර හිමිනම අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, උන්වහන්සේ මාතර මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














